අම්පාර පරගහකැලේ විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීමේ උත්සවය එම විදුහල් ශාලාවේදී පැවැත්විණි.
උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අම්පාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය වන S.R. හසන්ති මහත්මිය සහභාගි වූ අතර මෙහිදී ශිෂ්‍ය නායක නායිකාවන් 45 දෙනකු නිල ලාංඡන පැළඳවීම සිදු කෙරිණි.
වැඩ බලන විදුහල්පති S.M. රුවන් නන්දන මහතාගේ මඟපෙන්වීම මත උත්සවය සංවිධානය කොට තිබූ අතර මෙහිදී ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස දුමේෂ් පවන් සිසුවාටත් , ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස තක්ෂිලා ප්‍රියදර්ශනී සිසුවියටත් නිල ලාංඡන පැළඳවීම සිදු කළහ.
මෙම අවස්ථාවට වැඩ බලන විදුහල්පති S.M. රුවන් නන්දන මහතා ඇතුලු ආචාර්ය මණ්ඩලය, සිසු දරුවෝ සමග මව් පියවරු පිරිසක්ද එක්ව සිටියහ.