
2/54, කුඹුරේ ඉලුක් ගෙයකින් ඇරඹි පරගහකැලේ පාසල ප්‍රදේශයේ තිබූ එවකට තිබූ එකම පාසල නිසා ප්‍රදේශයේ සිසු දරුවන් බොහෝ පිරිසක් පාසල වෙත ඇදී එන්නට විය.තවද ප්‍රදේශයේ සිසු දරුවන්ගේ ගමනාගමන අසීරුතා නිසා යන හේතූන් මත පරගහකැලේ පාසල පිහිටි ස්ථානය පිළ්බඳව ගැටලු මතු විය. මේ නිසා ගල්ඔය සංවර්ධන අධිකාරිය විසින් ගොඩනැගිල්ලන් පරගහකැලේ මංසන්ධිය අසල ඉදි කළ නිසා පාසල එතැනට රැගෙන ඒන ලදී. ඉන්පසු පාසල විවිධ සංවිධාන විසින් හා විදුහල්පති වරුන් යටතේ අද පවතින තත්වයට ගොඩනගා ඇත.