ශිෂ්‍යන් විසින් ඉටුකළ යුතු පිලිවෙත්
- සියලු ළමුන් උදෑසන 7.20 ට පෙර පැමිණිය යුතුය.
- තමාට පැවරී ඇති පිරිසිදු කිරීම්, ක්‍රීඩා පුහුණු වීම් හා වෙනත් වගකීම් උදෑසන 7.25 වන විට නිමා කළ යුතුය.
- උදෑසන ආගමික වතාවත් සදහා සීනුව නාද කල විට සියලු වැඩ කටයුතු අවසන් කොට දෙනු ලබන උපදෙස් වලට අනුව ක්‍රියාත්මක විය යුතුය.
- පාසල අවසන් කිරීමේ සිනුව නාද වීමත් සමග සියලු වැඩ කටයුතු අවසන් කොට දෙනු ලබන උපදෙස් වලට අනුව ක්‍රියාත්මක විය යුතුය.
- පාසල අවසන් කිරීමේ සීනුව නාද කල විටද සියලු වැඩ නවත්වා ඡත්ත මානවක ගාථා කියා පන්තියේ රැදී සිටින ගුරු භවතාට ආචාර කොට පන්තියෙන් බැහැරව යාම පේළියට ක්‍රමවත්ව සිදු කල යුතුය..
- ප්‍රධාන මාර්ගයේ ළමුන් ගමන් ගන්නා විට මාර්ග නීති වලට ගරුකරමින් පාරේ දකුණු පැත්තෙන් ගමන් කළ යුතුයි.
- පාසල ඇතුළත ගමන් කිරීමේ දී ගැහැණු ළමුන් දෙදෙනා බැගින්ද පිරිමි ලමුන් එක් අයෙකු බැගින්ද අවසර පත රැගෙන ගමන් කිරීම අවශ්‍ය වේ.
- සෑම දරුවෙකුම ගුරුදෙගුරු සම්බන්දතා පොත දිනපතා පාසලට රැගෙන ආ යුතුය.
- ඔබ ඉදිරියේ සැකකටයුතු පුද්ගලයකු හෝ පාර්සලයක් දුටු විගස විදුහල්පතිතුමා හා ගුරුවරුන් දැනුවත් කරන්න.
- සෑම දරුවෙකුම පාසලෙදී ් පාසලින් පිටතව සිටියදී ගුරු බසට අවනත විය යුතු අතර පැවරෙන වගකීම නිසි ආකාරව ඉටු කළ යුතුය .
- පාසල් නිල ඇදුමින් සැරසී පාසල තුළ හෝ ගමන් කරන බස් රථ වල පාසල් අභිමානය කෙලෙසෙන අයුරින් හැසිරීම නොකළ යුතුය .
- ශිෂ්‍ය නායක පන්ති නායක අණට කීකරු විය යුතුය .
- පාසල් භූමියේදි ජාතික ගීය, පාසල් ගීය ගායනා කරන අවස්ථාවේදී හා ආගමික වතාවත් සිදු කරන විටදී අදාළ ස්ථානයට යාමට ප්‍රමාද වී නම් තමා සිටින තැනම සීරුවෙන් සිට ගායනා කළ යුතුය.
- නීත්‍යානුකූල අනුදැනීමකින් තොරව පාසලින් බැහැර නොවිය යුතුය
පාසල තුළදී නොකළ යුතු දේවල්
- පාසල තුළ පොලිතින්,කඩදාසි වැනි අපද්‍රව්‍ය නොදැමිය යුතුය.
- පාසල තුළදී හෝ පිටත දී දරුවන් එකිනෙකා ් පන්ති කණ්ඩායම් වශයෙන් ආරවුල් හෝ ගැටුම් ඇති නොකර ගත යුතුය .
- පන්ති කාමරයේදී හෝ පාසල් භූමියේ දී අන්‍යයන්ට බාධා නොවන පරිදි හැසිරිය යුතුය .( අනවශ්‍ය ලෙස ගීත ගායනය, කෑ ගැසීම, ඩෙස් වලට ගැසීම, බෝල ගැසීම නොකළ යුතුය .
- පාසල තුළ ඇති මානව හා භෞතික සම්පත් වලට හානි වන අයුරින් නොහැසිරිය යුතුය.
- පාසල් නිල ඇදුමින් සැරසී නගරයේ විවිධ ස්ථානවල නිකරුනේ සංචාරය නොකළ යුතුය .
- පාසල් කාලය තුල විදුහල්පතිතුමාගේ හෝ ආචාර්ය මණ්ඩලයේ අනුදැනුමකින් තොරව දෙමාපියන් , වැඩිහිටියන් හෝ වෙනත් පුද්ගලයන් පාසල තුළට නොගෙන්වා ගත යුතුය.
- පන්තිය තුළට ඉගෙනුම් ඉගැන්වීම් උපකරණ වලට අමතරව බාහිර කිසිවක් නොගෙන ආ යුතුය .( ජංගම දුරකථන , සිම් කාඩ් , CD තැටි වැනි ද්‍රව්‍ය )
- පාසල් වෙලාවේදී හෝ පාසල් වේලාවෙන් පසුව පාසල තුළ පාපැදි වලින් ගමන් නොකළ යුතුය .
- පාසලට ඇතුලුවන විට හිස් වැසුම් පැලදිම නොකළ යුතුය.
- පාසල තුලට නොදිරන අපද්‍රව්‍ය චුයින්ගම් වැනි දෑ එක් කිරීම නොකළ යුතුය.
- පාසලට ඇතුළු වීම හෝ පිට වීම ප්‍රධාන ගේට්ටුවෙන් පමණක් සිදු කළ යුතුය.
- දෙමාපියන් දරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ගුරුවරුන් හමුවීමට පැමිණීම විදුහල්පතිතුමාගේ දැනුවත් වීමකින් තොරව සිදු නොවිය යුතුය.