නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
අම්/පරගහකැලේ මහා විද්‍යාලය
ගල්ඔය මිටියාවතෙහි පිහිටි පැරණිම පාසලක් වන අම් /පරගහකැලේ මහා විද්‍යාලය නොයෙක් බාධක ගැටලු මධ්‍යයේ වුවද දිනෙන් දින විශිෂ්ටත්වය කරා පියනගන ප්‍රදේශයේ දීප්තිමත් පාසලකි. අප පාසල දුරාතීතයේ සිට අද දක්වාම නැණ ගුණයෙන් හෙබී දීප්තිමත් පුරවැසියන් සමාජයට දායාද කර ඇත. අප සිසු දැරුවන් මෑත කාලීනව කොට්ඨාස , කලාප හා පළාත් මට්ටමින් විවිධාකාර වූ ජයග්‍රහණ රාශියක් අත්පත් කරගෙන ඇත .
අද වන විට ලෝකය තාක්ෂණික වශයෙන් සීඝ්‍ර දියුණුවක් ලබා ඇති අතර අධ්‍යාපනයේ දිශානතිය තාක්ෂණය දෙසට නැඹුරු වෙමින් පවතී .පාසලේ දුවා දරුවන්ට නූතන ලෝකය හා උරෙන් උර ගැටී කටයුතු කරන්න තාක්ෂණික දැනුම අවශ්‍යයෙන්ම තිබිය යුතුය .එම නිසා තාක්ෂණ විෂය දෙසට වැඩි නැඹුරුවක් දැක්වීම ඉතාම සතුටු දායකය.
අප පාසලේ තොරතුරු තාක්ෂණ ගුරුතුමාගේ මගපෙන්වීම මත පාසලේ දුවා දරුවන් විසින් නිර්මාණය කරන ලද මෙම වෙබ් අඩවිය අපගේ පාසලට නව ආලෝකයක් එක්කරනු ඇති බව මාගේ විශ්වාසයයි.මෙමගින් අපේ පාසලේ ගැන තතු ලෝකයට කියන්නට අපට හැකි වනු ඇත .
මෙම කාර්ය සාර්ථක කරගැනීම සදහා මැදිහත් වූ අධ්‍යාපන අමාත්‍යාංශයටත් පුහුණුව සහා සහයෝගය ලබා දුන් "සයිබර් ලොවට පියාපත් "ආයතනයටත් මාගේ ස්තූතිය පුද කරමි .
පළමු අවස්ථාවේ සිටම මෙම කටයුත්ත වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළ තොරතුරු තාක්ෂණ ගුරුතුමා ඇතුළු අප විද්‍යාලයේ දුවා දරුවන්ට හා අනෙකුත් සහයෝගය දැක්වූ සැමටත් මාගේ ස්තූතිය පුද කරමි....
නියෝජ්‍ය විදුහල්පති
අම්/පරගහකැලේ මහා විද්‍යාලය.