අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

පරගහකැලේ මහාවිද්‍යාලයේ නිල වෙබ් අඩවිය සමග සම්බන්ධ වන ඔබ සැම ගෞරවයෙන් යුතුව පිළිගනිමු....
සුන්දර දිගාමඩුල්ලේ ගල්ඔය මිටියාවතේ පැරණිතම පාසල වන අප විදුහල් මාතාව පුරා සියවසකට ආසන්න කාලයක් මුළුල්ලේම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ දුවා දරුවන්ට සිප් සතර කියා දෙමින් ගුණ නැණ පුබුදුවාලමින් යහපත් පුරවසියන් තැනූ තෝතැන්නයි.
1ශ්‍රේණියේ සිට කලා විෂය දාරාව ඔස්සේ 13 ශ්‍රේණිය දක්වා අඛන්ඩව අධ්‍යාපනය හැදැරිය හැකි අප විදුහල් මාතාව එදා මෙදා තුර මනහර තුරුලිය මැද අපරාජිත රාජිනියක් සේ රටට වැඩඩායී , ගුණවත් ,නැණවත් දූ පුතුන් ලක් මවට දායාද කරමින් යෙහෙන් වැජඹෙන්නීය.












