භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Paragahakale M.V.

පරගහකැලේ මහා විද්‍යාලය

අම්පාර කලාපය

  • Register
  • Login
Paragahakale M.V.

පරගහකැලේ මහා විද්‍යාලය

අම්පාර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසලේ සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 

සුන්දර දිගාමඩුල්ලේ ගල්ඔය මිටියාවතේ පිහිටි පැරණිතම පාසල වන අප පාසල ගැමි පරිසරයක පිහිටි සොදුරු විදුහල් බිමකි.

වර්ෂ 1927 පෙබරවාරි මස 06 වන දින කොස්සපොල 2/54 කුඹුරේ පිහිටි ඉලුක් ගෙයක මෙම පාසල ළමුන් 20කින් ආරම්භ කොට ඇත්තේ පරගහකැලේ පාසල යන නමිනි. ප්‍රසිද්ධ ඉගැන්වීම් දෙපාර්තමේන්තුවේ අධක්‍ෂතුමාගේ අංක 379/27 දරණ ලිපියට අනුව මුල්ම පාඨාශාලාධිපති වුයේ ‌JD ජයසිංහ මහතාය. ඒකල සෑම වාරයක් අවසානයේ විවිධ ප්‍රසංග පවත්වා ඇත.

පාසලේ සිසු ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වීමේදී ගොඩනැගිල්ලක අවශ්‍යතාවය මතුවිය. ඒහෙයින් ගල්ඔය සංවර්ධන අධිකාරිය විසින් ගොඩනැගිල්ලක් පරගහකැලේ ග්‍රාමයේ ඉඳිකිරිම නිසා 1952 දී පරගහකැලේ ප්‍රදේශයට මෙම පාසල ගෙන එනු ලැබීය. ඉන්පසු ගමේ ගොවි දු දරුවන්ට පමණක් සීමා වී තිබු පරගහකැලේ පාසල ගල්ඔය සංවර්ධන අධිකාරියේ කම්කරුවන්ගේ දූ දරුවන්ටද විවර විය. මේ කාලය වන විට පාසලේ මුළු සිසු සංඛ්‍යාව 200ට ආසන්න විය.

1960 දශකය වන විට මෙම පාසල මහා විද්‍යාලයක් බවට පරිවර්තනය විය. මෙම පරිවර්ථන කාලය තුළ විදුහල්පති වශයෙන් කටයුතු කළේ PMC පෙරේරා මැතිදුන් වන අතර. තිලකරත්න නම් ව්‍යාපාරික අධිකාරිවරයාද මෙයට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළහ.

මේ වන විට ප්‍රදේශයේ පරිවාර පාසල් ලෙස අභයපුර විද්‍යාලය, කොටවෙහෙර විද්‍යාලය, වාවින්න විද්‍යාල ද ආරම්භ විය.

ග්‍රාමීය දූ දරුවන් වෙනුවෙන් කෘෂිකාර්මික අංශයක් 1960 දී ආරම්භ කල අතර පාසලේ භෞතික සංවර්ධනයද මෙකල ක්‍රමයෙන් සිදු විය.  වර්තමානය වන විට පුස්තකාලයක්, පරිගණක විද්‍යාගාරයක්, ප්‍රායෝගික තාක්ෂණ කුසලතා සඳහා ඒකකයක්, කෘෂිකර්ම ඒකකයක් සහ විද්‍යාගාරයක් මෙම පාසල තුල අන්තර්ගතය.

එදා ඉලුක් ගෙයින් ඇරඹි මෙම පාසල අද වන විට ගොඩනැගිලි රැසකින් සමන්විත වේ. එසේම වර්තමාණය වන විට ළමුන් 382ක් අප පාසලේ අධ්‍යපනය හදාරනු ලබන අතර අධ්‍යන කාර්යය මණ්ඩලයේ ගුරුභවතුන් 30ක් සිටී. නර්තනය, ක්‍රීඩා, චිත්‍ර, සිංහල, සාහිත්‍ය යන අංශ වලින් බොහෝ ජයග්‍රහණ ලබමින් අප ප්‍රදේශයේ පාසල් අතර ප්‍රමුඛ තැනක් ගනී.

 

ආරම්භ කළ වර්ෂය

1927 පෙබරවාරි මස 06

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

20 පමණ

මුල් ගුරුතුමාගේ නම

ජේ.ඩී ජයසිංහ

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ මුල් නම

පරගහකැලේ පාසල

පාසල පැවැත්වූ මුල් ස්ථානය

2/54 කුඹුරේ පිහිටි ඉලුක් ගෙයකි

Paragahakale M.V.

පරගහකැලේ මහා විද්‍යාලය

අම්පාර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Am/Paragahakale M.V, Paragahakale, Ampara.

: (+94)0632050186

: (+94)123456123

: [email protected]

Supported By

© 2026 Paragahakale M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk