සාහිත්‍යකාමී, දැනුමින් පරිපෝෂිත දැහැමි හික්මුණු පාසල් සිසුදරුවන් නිර්මාණය යන අරමුණ පෙරදැරිව පවත්වාගෙන යනු ලබන සිංහල සාහිත්‍ය සංගමය අම්/පරගහකැලේ මහා විද්‍යාලයෙහි ඉතාම වැදගත් සංගමයකි.
මෙහි සභාපති, උපසභාපති, ලේකම් හා භාණ්ඩාගාරික යනුවෙන් පත්කර ගත් නිළධාරීන් සිව් දෙනෙකු සිටින අතර ඔවුන්ගේ සහ සිංහල විෂයභාර ගුරුතුමියගේ මූලිකත්වවයෙන් සෑම මාසයක් පාසාම පවත්වනු ලබයි.
නිළධාරීන්ට අයත් කාර්යභාරයන්,
සභාපති_
සභාව කැඳවීම, මෙහෙයවීම හා නිශ්ශබ්ද කිරීම ඇතුළු බොහෝ කාර්යයන් ඉටු කරමින් සමිතියේ නායකයා වශයෙන් කටයුතු කරයි.
ලේකම්_
සභාවේ ඉදිරිපත් කරන දෑ සටහන් කර ගැනීම මෙන්ම ඊළඟ සභා වාරයට ඒ්වා ඉදිරිපත් කිරීමත් මෙන්ම සමිතියේ කටයුතු කරගෙන යාමට සභාපති තුමාට සහයෝගය දැක්වීම.
උප සභාපති_
සභාපතිතුමාට සහයෝගය දැක්වීම,සභාපතිතුමා නොමැති දවසක සභාව ඉදිරියට ගෙන යා යුත්තේ මොහු විසිනි.
භාණ්ඩාගාරික_
භාණ්ඩාගාරිගේ කාර්යභාරය වන්නේ සමිතියේ මූල්‍ය කටයුතු කළමණාකරණය කිරීමයි.
මෙම නිළධාරිීන්ගේ මූලික්තවයෙන් පවත්වාගෙන යනු ලබන මෙම සංගමය දරුවන්ගේ සැඟවුණු කුසලතා ඔප්නංවා ගැනීමටත් සාහිත රසය වර්ධනය කරගැනීමටත් මහඟු තෝතැන්නනක් සපයා දෙයි.