- 6 ශ්‍රේණියේ උතුමි සිසුවිය කොට්ඨාස තරගාවලියෙන් කියවීම අංශයෙන් ද, පද්‍ය ගායනා අංශයෙන් ද ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කොට කලාප මට්ටමින් ද ඉහත සදහන් තරග අංශ වලින් ප්‍රථම ස්ථානය දිනා ගනිමින් පළාත් මට්ටමේ තරගාවලිය නියෝජනය කර ඇත.
- 10 ශ්‍රේණියේ H.M.නෙත්ම් ගීතාංජලි හා J.A.T. නවංජනා ජයසිංහ යන සිසුවියන් විසින් කොට්ඨාස කථික තරගාවලියෙන් ප්‍රථම, දෙවන ස්ථාන දිනා ගනිමින් කලාප තරගාවලියෙන් ද ජයග්‍රහණය කරන ලදී.
- 11 ශ්‍රේණියේ M.P.අමාෂා දමයන්ති සිසුවිය කොට්ඨාස තරගාවලියෙන් පද්‍ය ගායනා අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් කලාප තරග නියෝජනය කරන ලදී.
- 11 ශ්‍රේණියේ D.M.සවනි අනුත්තරා සිසුවිය විසින් කොට්ඨාස තරගාවලියෙන් කථික අංශයේ දෙවන ස්ථානය දිනා ගනිමින් කලාප තරග නියෝජනය කරන ලදී.
- 8 ශ්‍රේණියේ H.M.ශාක්‍යා මෙත්සරණී සිසුවිය කොට්ඨාස තරගාවලියෙන් කියවීම අංශයේ දෙවන ස්ථානය දිනා ගනිමින් කලාප තරග නියෝජනය කරන ලදී.